78 වන සංවත්සරය - 2024/06/20

අප පාසලේ 78 වන සංවත්සරය වෙනුවෙන් අද දින උත්කරෂවත් ලෙස උත්සවයක් පැවැත්වුණේ ආගමට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ගෝතමියන් පංචශීලයේ පිහිටුවා පාසලට සෙත් පැතීමෙනි. “ගෝතමි අප මාතා” නම් වූ කිසිවෙකුට නොදෙවෙනි, අපගේ පාසල් ගීතයෙන් ඇරඹි උත්සවය මෙලෙස දිගහැරුණි. පාසල් නාමය ලකඹර පුරා බබළවා පාසලේ ක්‍රියාකාරී සංගම් නියෝජනය කරමින් එක් ගෝතමියක් බැගින් ද පාසලේ ලාබාලතම ශිෂ්‍යයා ද තවත් ශිෂ්‍යයාවන් ද සහභාගී වෙමින් ගෝතමි නම් නෞකාවේ නියමුවරිය වන අපගේ විදුහල්පති මෑණියන්ගේ සුරතින් හෙළ සිරිතට අනුව පාසලට සුබ පතමින් කිරිබත් කපා උත්සවය ආරම්භ කරන ලදී.

ගෝතමී මව් තුරුලේ හැදී වැඩෙන ප්‍රධාන ශිෂ්‍ය නායිකාව පාසල පිළිබඳ වදන් පෙළක් පැවසුවේ කාගේත් සිත් සතන් සංවේදී කරවමිනි. ගෝතමියන්ගේ ඉදිරි ගමනට මං තනන ගුරුවරියක් වන උදාරි සනාතනී ගුරුතුමිය පාසල පිළිබඳ අතීත මතක ආවරජනය කළාය. “පිපී සුදිළෙන මලින් සැරසුණු” ගීතයට නරතනයක් පාසලේ නරතන කණ්ඩායම විසින් ඉදිරිපත් කළේ අයනි ලන්ත්‍රා ගුරු මෑණියන්ගේ මඟ පෙන්වීම මතය. අනතුරුව හරවත් වූ මඟක් තනමින් අප රකින ශක්තිය වන සුනේත්‍රා වික්‍රමසිංහ විදුහල්පති මෑණියන් පාසල කෙරෙහි අප තුළ ඇති හැඟීම වරධනය කරමින් අප සැම ඇමතුවාය.

උත්සවය ආරම්භයේ දීම කාලගුණය අපට එරෙහි වූවත් ගෝතමියන්ගේ සිත් යට හැංගුණු ප්‍රාරථනාවන්ගේ ප්‍රබලත්වය පසක් කරමින් කාලගුණය ද යථා තත්ත්වයට පත් වුණි. ජාතියේ මාතාවට උපහාර දක්වමින් උත්සවය අවසානය සනිටුහන් කරන තෙක්ම කාලගුණයේ බලපෑමක්, කාලයේ ගතවීමක් ද නොදැනුණි.

School Birthday Celebration

It was drizzling as the school begun by playing a heart touching song about one’s alma mater, creating a both happy and emotional environment. Bathing in the warm sunlight, the little scholars of Gothami Balika Vidyalaya were preparing to celebrate their school birthday.

The event was well organized by the students themselves with the guidance of their teachers. The ceremony took a traditional start and Pirith was chanted by Monks to bless the school and its future. The welcome speech was delivered by the school’s Head Prefect and milk rice was distributed among the representatives of the school’s clubs, societies and grades from 6 to 11. After a breath-taking dance performance, the school community was addressed by the Head – Mistress Mrs. Sunethra Wickramasinghe.