පුරා වසර 78 ක් අව් වැසි සැඩ සුළං මැද …
පෙති විහිදා …
සුවඳ පතුරන්නට වෙර දරන පුංචි මල් කැකුලියන්ට …
ජවය සපයන යෝධ වෘක්ෂය ඔබයි …
තටු විහිදා …
නව ලොවට පියාසර කරන්නට වෙර දරන … පුංචි කුරුළු රෑනට …
ජීවය සපයන රන්ටැඹ ඔබයි.
ඉඩෝරය රුදුරු කළ … සිඳී යන්නට තනනා … කුඩා දිය දහරාවන් … නිල් දියෙන් පුරවනා සෙනෙහෙබර වරෂාව ඔබයි.
දැනුම් සයුරක් මිට මොලවා
කුසලතා දහසක් ඔප් නංවා
ජීවන පාඩම් යසට උගන්වා
ගුණදම් මුල් තැන පෙළගස්වා
දිවිකෙත සරුසාර කරනා …
ගෝතමි විදු මවුනි,
ඔබට සුබ ජන්ම දිනයක් වේවා !!!!!
හැත්ත අට වසරක ඒ ප්‍රෞඪ ඉතිහාසය සමඟ …
ගුණ නැණ බෙලෙන් පිරිපුන් කුලකතුන් තනන්නට ඔබට ශක්තිය ධෛරයය ලැබේවා !!!!!
