Lantern making competition

Many colourful Vesak lanterns were made by the students for the competition held at Gothami Balika Vidyalaya. The lanterns were wonderfully created during school time and presented to the judge board. The best-looking Vesak lantern was chosen and presented to the lantern competition held at Ananda College which managed to achieve the second place.

වෙසක් කූඩු නිර්මාණය

වෙසක් පොහොයට සමගාමීව කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවෝ නිර්මාණශීලිව හා අලංකාරව පසුගිය මැයි 20 වන දා විද්‍යාල පරිශ්‍රයේ සිට ගුරුභවතුන්ගේ මග පෙන්වීම ඔස්සේ සැවොම එකමුතු වී වෙසක් කූඩු නිර්මාණය කිරීමේ කර්තව්‍යයේ නියැලුණහ.

අනතුරුව සාධාරණ විනිශ්චයකින් පසු ශ්‍රේණි මට්ටමින් හොඳම වෙසක් කූඩු තේරීම සිදු කෙරිණි. එම වෙසක් කූඩු ආනන්ද විද්‍යාලයීය වෙසක් කූඩු තරගය සඳහා ඉදිරිපත් කෙරුණ අතර එම තරගයෙන් දෙවන ස්ථානය අප විද්‍යාලයට හිමි විය.