All Island School Poster Art Exhibition

“මිහිමව රකින්නට තෙලිතුඩක් මවන රූ රටා” ලෙස නම් කළ නෙස්ලේ ලංකා හි සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය කනිෂ්ට හා ජ්‍යෙෂ්ඨ අංශවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ජුනි මස 13 වැනි දින අප විද්‍යාලයේ දී පැවැත්වුණි.

ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව මෙම තරගය සංවිධානය කරන ලද්දේ පාසල් අපද්‍රව්‍ය කළමනාකරණයේ දිගුවක් ලෙසය. මෙම චිත්‍ර තරගය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් සිසුන් 80,000 ක පිරිසක් සහභාගී වූහ.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ආචාර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මැතිතුමා සහ විදුහල්පතිනි සුනේත්‍රා වික්‍රමසිංහ මැතිණිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.